මානසික සෞඛය
මිනිසුන් වන අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතරට මානසික සෞඛය බෙහෙවින් වැදගත් වේ. මනස යනු සැම විටකදීම නිදහසේ සැහැල්ලුවෙන් පවත්වාගෙන යා යුතු අංගයකි. මනස නිරවුල්ව තිබේ නම් අපට ඕනෑම කර්තව්‍යක් සාර්ථකව කර ගැනීමට හැකි වේ.එම නිසා මනස නිරවුල්ව තබා ගැනීමට අප කරන රැකියාවවත්, ආගමවත්, ජාතියවත්, වර්ණයවත්, අදාල නොවේ. සැම අයෙකුම නිරවුල් මනසකින් සිටීම වැදගත්ය. මානසික සෞඛය යනු මානසික රෝගයන් නොමැති වීමෙන් ඔබ්බට ගිය දෙයකි. තවද මානසික සෞඛය පුද්ගලයාටද, පවුලටද, ප්‍රජාවටද අත්‍යවශ්‍ය වුවකි. මානසික සෞඛය රදා පවතින්නේ සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක මතය. එසේම මානසික සෞඛය යනු පුද්ගලයෙකුගේ චර්යා හා සම්බන්ධ වුවකි.
මාධවේදියෙකු හැටියටද මානසික සෞඛය නිරවුල්ව තබා ගැනීමද වැදගත්ය. මානසික ඒකාග්‍රතාව මාධවේදීන්ට අනිවාර්යයෙන් තිබිය යුතුය. මාධ්‍යවේදියා යනු සෑම විටම ස්වාධින පුද්ගලයෙකි. ඔහුට පක්ෂයක්, ජාතියක්, ආගමක් නැත. ඔහු සැමටම එකම ආකාරයකට සැලකිය යුතුය. මාධ්‍යවේදියාට කොතැනකදී හෝ තම පුද්ගලික මතය ඉදිරිපත් කල නොහැක. ඔහු සම විටම තමන්ගේ පුද්ගලික මතය කෙසේ වුවත් එයට ඉදිරිපත් වී ඇති මතය ඉදිරිපත් කල යුතුය.
මාධ්‍යකරණයේදී මානසික සෞඛය බෙහෙවින් බලපානු ඇත. යහපත් මාධ්‍ය භාවිතයක පරමාර්ථය වන්නේ මානුෂිය වටිනාකම් ආරක්ෂා කරන්නාවූ ජන සමාජයකි. එසේ මානුෂිය වටිනාකම් ආරක්ෂා කර ගැනීම සදහා නිවැරදි මාධ්‍ය භාවිතයක් තිබීම අනිවාර්ය අංගයකි. සියදිවි නසා ගැනීම් පිළිබද සිදු කෙරෙන මාධ්‍ය ආවරණ නිවැරදි, ඵලදායි හා සදාචාරාත්මක අන්දමකට සිදු කිරීම තුලින් ජනතාවගේ දිවි ගලවා ගැනීමට හැකි බව අප කවුරුත් දන්නා කරුණකි. මානසික රෝගී තත්වයකින් පීඩා විදින පුද්ගලයෙකුට එම රෝගී තත්වයෙන් මුදවා ගැනීම සදහා මාධ්‍යවේදියාට ඉතා විශාල කාර්යයක් ඉටු කිරීමට පුළුවන. කොන් කිරීමට පත් වී සිටින, අසාධාරණයට පත් වී සිටින ඔවුන් වෙනුවෙන් කතා කිරීමටය මාධවෙදියට පුළුවන.
තම අදහස ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට මධවෙදිය මානසිකව අදවටෙනු සුලබය. එමගින් ඔහුගේ මානසික සෞඛය පිරිහීමට ලක් වේ. එය බොහෝ සෙයින් ඔහුට තම වුත්තිය කරගෙන යාමට භාදාවකි. සුළු ජාතින්, අබාදිත පුද්ගලයන්, හෝ ලිංගිකත්වය පිළිබද වාර්තා කිරීමේදී ස්වයං වාරණයක් අනුගමනය කරන්නාක් මෙන් මානසික සෞඛය සම්භන්ද විෂයන් වාර්තා කිරීමේදී කටයුතු කරන්නේ නම් ඉන් සමාජයට පුළුල් අත් වැලක් සැපයේ.
No comments:
Post a Comment