Tuesday, March 20, 2012

ජාත්‍යන්තර සංවිධාන

මානව අයිතිවාසිකම් පිළිබද කොමිසම H R C 
Human Rights Commission
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය මිනිසෙකු සතු අයිතින් හා නිදහස් උරුමයන් ගැන අවදාරණය කෙරේ. ඒ හේතුව නිසාම එක්සත් ජාතීන් විසින් සම්මත කර පිහිටුවා ගන්නා ලද සංවිදානයකි මානව අයිතිවාසිකම් පිළිබද කොමිසම.
සමාජයේ කුඩාම ඒකකය  වූ  පවුලෙන් පටන් ගෙන කම්මල, වැඩහල, සාමාජික ජීවිතය ආදී වශයෙන් පුලුල්ව යන සමාජ අවස්ථා තුල මිනිසාගේ ආරක්ෂාව, සෞඛ්‍ය , අධ්‍යාපනය, සංස්කෘතිය හා සාමකාමී පැවැත්ම සහතික කිරීම මේ කොමිසමේ වගකීම වේ. මෙහිදී ලිංග බේදය, ජාති ආගම හා ජන වර්ග ආදී වෙනස්කම් කිසිත් නැතිව මිනිසාට හිමි අයිතිවාසිකම් ලබා දීමට එය උත්සහ කරේ. සෑම වසරකම දෙසැම්බර් 10 මානව අයිතිවාසිකම් දිනය සේ නම් කොට ඇත.
මෙමෙ කොමිසම ලෝකයේ විවිධ රට වලින් ලැබෙන මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබද පැමිණිලි විභාග කරේ. එම පැමිණිලි සිදුවන ස්ථාන වලට ගොස් පරික්ෂ කිරීමටද ඊට බලය ඇත. ආගම ඇදහීමේ නිදහස, ළමුන්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම්, වද හිංසා හා අතුරුදම් කිරීම් අදින් නිදහස්ව සිටීමට පුද්ගලයාට ඇති අයිතිය  ආරක්ෂා කිරීම මෙම කොමිසමේ සෙසු වගකීම් වේ.

Sunday, March 18, 2012

පටන් ගත්තා

කොහොමද යාලුවනේ,
 මම රොෂානි. මේ bloge එක අයිති මට. මම හරිම සරල චරිතයක්. මම දැනට Sri lanka College of Journalism  හි ඉගෙනුම ලබනවා. ඒ වගේම මම කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බාහිර) උපාධිය (ප්‍රථම වසර) හදාරමින් සිටිනවා. මේ වෙලාවේ ඉදන් ඔයාලට මේ bloge එකෙන් ගොඩක් නොදන්නා දේවල් ඒගෙන ගන්න පුළුවන් වේවි  කියල හිතනවා. මේ සමාජයේ වෙන හැම දෙයක් ගැන වගේම නිදහසේ ඉන්න වෙලාවට ඇවිල්ල බලල යන්න පුළුවන් දේවලුත් මේකේ තියනවා. මම ඔයාලගෙන් ආදරයෙන්   ඉල්ලනවා නිවාඩු පාඩුවේ මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න කියල. ඔන්න ඉතින් දැන් මම වැඩේ පටන් ගන්න යන්නේ................