Tuesday, July 3, 2012

නින්ද


නින්ද 

 
එදා සොදුරු සිත්තමක්ව
හද බැදගත් මා දිනු ගම
දිගු කලකට පසුව ඇවිත්
සෙවුවද දකින්නට නොමැතිව
අහස පොළව
ගැටලමි මම
නිහඩ සොහින්බිම් ගස් වැල්
අතු ඉනිමක  ගොළුවුන මල්
හොරැහින් මා දිහා බලා
හිනා නොවී අහක බලයි

සුර දොර වෙත  පාර සොයන
ආගන්තුක කුරුල්ලන්ගේ
වහසි බසින් ඔද්දල්  වුන
තුවාලයක් මෙන් කවිසිත

හිත පතුලෙන් එහා ලොවක
පියාබන්න අත්තටු  නැති
මතක  හීන මල් පටලය
මම තද නින්දකට යවමි

Monday, July 2, 2012

පුංචි කිරි කැටියා


පුංචි කිරි කැටියා

දස මසක් ඔබ කුස දරා සිට
මිහිකතට දායාද කරනා
මේ පුංචි කිරි කැටියා
අලුයම තන පත් අග රැදෙන
පිනි පොද වගේ
සුපිරිසිදුයි

දස මසක් ඔබ කුස දරා සිට
මිහිකතට දායාද කරනා
මේ පුංචි කිරි කැටියා
හිමිදිරි උදයේ විකසිතවූ
පියුමක් වගේ
අහිංසකයි

දස මසක් ඔබ කුස දරා සිට
මිහිකතට දායාද කරනා
මේ පුංචි කිරි කැටියා
දෙව් සමිදුන් මැවූ
සුගති උයන වගේ
නිර්මලයි - අවිහිංසකයි - සුපිරිසිදුයි 

Sunday, July 1, 2012

මාර්ග සංඥ පද්ධති අක්ක්‍රමවත් වීම නිසා කොළබ නගර වල දැඩි මාර්ග තද භදයක්


මාර්ග සංඥ පද්ධති අක්ක්‍රමවත් වීම නිසා කොළබ නගර වල  දැඩි මාර්ග තද භදයක්
දැන් ටික දිනක පටන් කොලබ නගරයේ ප්‍රදේශ කීපයක උදැසන කාලයේ දැඩි මාර්ග තද බදයක් තිබෙනු දැක ගැනීමට පුළුවන් විය.එය ඒ ආකාරයටම මේ වන විටත් පැවතීම අසතුටට කරුණකි. රාජගිරිය ,බොරැල්ල ,නාරාහේන්පිට ආදී ප්‍රදේශ මෙසේ රථ වාහන තදබදයට හසු වූ ඇතැම් ප්‍රදේශ වේ. මෙහි සුල මුල සොයාගෙන යාමේදී දන ගැනීමට පුලුවං වුයේ මෙම මාර්ග වල තිබෙන මාර්ග සංඥ පද්ධති අක්‍රිය වී තිබීමයි. සතියක් පමණ කාලයක් ගෙවී ගියත් එය ඒ ආකාරයටම පවතී.මේ හේතුව නිසා අපහසුතාවයට පත් වන්නෝ බොහෝය. පාසල් දරුවන්, රැකියා සදහා පිටත්ව යන්නන්,............ ආදී වූ බොහෝ අය මින් පීඩා විදිති. අනෙක් කාරණය වන්නේ මෙසේ මාර්ග තද බදය පවතින ස්ථාන වල පොලිස් නිලදාරීන් සේවයේ නොසිටිමි. සිටියත් ඔවුන් හරි ආකාරයට තම රාජකාරිය කරනවද යන්න ගැටලුවකි. සමහරක් පොලිස් නිලදාරීන් එම ස්ථාන වල සිටගෙන ඔහේ බලාගෙන සිටින්නේ එය තමාගේ රාජකාරියේ කොටසක් නොවේ යි ඔවූනට හැගෙන නිසා වීමට පුළුවන. කෙසේ වෙතත් මේ තත්වය හමුවේ තාමත් බලදාරින්ගේ ඇස් ඇරී නැත. මේ නිසා දුක් විදින්නේ අසරණ මගී ජනයායි. මෙවන් වෙලාවට බස් රථ වලට ගොඩ විමටවත් බැරි තරම්ය. බස් හිමියන් සිමාව ඉක්මවා සෙනග පටවාගෙන තමන්ගේ මඩිය තර කොට ගනී. මගින් උත්සහ ගන්නේ කොයි විදියකින් හෝ නියමිත වෙලාවට තම සේවයට වාර්තා කිරීමටය. ඒ නිසා ඔවුන් බස් රථ තුල පවතිනතෙරපීම ගණන් නොගෙන ඒවාට ගොඩ වෙති. මෙසේ ගොඩ වෙන්නවුන් හට කොන්දොස්තර මහතා සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත මට්ටමකටය. 
 ඔබ 135 බස් මාර්ගයේ ගමන් ගන්න අයෙක්ද? එසේනම් ඔබට මෙය සුලබ දසුනකි. සමහර විට ඔබත් මේ අත්දැකීමට මුහුණ දී තිබීමට පුළුවන. මම දැන් දින කීපයකට ඉහතදී මෙසේ බොරැල්ලෙන් 135 බස් රථයකට ගොඩ වුයේ නාරහෙන්පිටට පැමිණීමටය. බස් රථය තුල ඇගිල්ලක් ගහන්න බැරි තරමට සෙනගය. බස් රථය තුලට කාන්තාවක් නැග්ගේය. කොන්දොස්තර ඇයට ඉස්සරහට යන්න යි කිවේය. එත් ඉදිරියට යාමට ඉඩ නැත. දිගින් දිගටම ඇයට ඉස්සරහට යන්න යි කීවත් ඇය ඉස්සරහට යන්නේ කොහොමද? පසුව කොන්දොස්තර ඇයට බැන වැදුනේය. මේ හැසිරීම ඔස්සේ තවත් පිරිසක් මෙයට එකතු වී කොන්දොස්තර මහතාට බැන වැදීමට පටන් ගත්තේය. මේ තත්වය යම්තාක් දුරකට හෝ පාලනය වුයේ සත්තු වත්තේ සිටින සතුන් කීප දෙනෙකුගේ නම් කියා ගැනීමෙන් අනතුරුවය.
ඉහතින් මා සදහන් කලේ එක් උදාහරණයක් පමණි. බලාපොරොත්තු පොදී බැදගෙන උදේට බස් වලට ගොඩ වදින මගියාට සලකන විදිය හරිද? මහා මාර්ග පද්ධතිය ගැන කතා කරන විට මේ ඉන් අල්ප මාත්‍රයක් පමණි.