Monday, May 21, 2012

අවදානමට පෙර සුදානම් වෙමු.

අවදානමට පෙර සුදානම් වෙමු.

තවත් විදුලි සර අවදානම් ප්‍රදේශයක් නාරහෙන්පිටින්  හමුවේ

විදුලි සැර වැදීම නිසා මිය යන ප්‍රමාණය දිනෙන් දින විශාල වශයෙන් ඉහල  යමින් පවතී. නිවාස ගොඩනැගිලි ආශ්‍රිතව මෙන්ම මග  තොටෙදීද අපට මේ පිළිබද තොරතුරු අසන්නට ලැබෙන අතර මිට ප්‍රධානතම හේතුව ජනතාවගේ නොසැලකිලිමත්කම වේ.
නාරාහේන්පිට ප්‍රතිභා විදියේ බෝ ගසක් විදුලි රැහැනක පැටලී තිබෙනු අප කැමරාවේ මෙසේ  සටහන් වුනි. මෙමෙ හේතුව නිසා ඒ අසල පිහිටි ශ්‍රී බොඩි රජ විහාරස්ථානය හා පෙර පාසැල දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත.
අනතුරක් ඇති වීමකට ප්‍රථම එය මගහරවා ගැනීමට නම් මේ හමුවේ බලධාරීන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

Monday, May 14, 2012

ඔබ නමින් පුදන්නෙමි .......


ඔබ නමින් පුදන්නෙමි .......
  නොකි කතරක
සවිබල සිදී මිලිනව
පවසට දිය බිදක් සොයන කල
දයාබර වදනකින්
ඒ පවස නිවන්නට
ක්ෂේම භුමිය මැවූ
දයාබර ගුරුවරුන් ඔබමය

ගිරි ධුර්ග පසු කර
ජය ටබට  යන අතරක
පා පැකිල වැටුනා සද
විදා සවි බල දෑත

සදා නොවැටෙන්නට නොව
වැටෙන විට නැගිටින්නට
සෙනෙහසින් අපහට
කියා දුන් ගුරුවරුන්  ඔබමය

ඉතින්

නිබද සෙවනැල්ල වී
අප සැමගේ ලග ඉදන්
අපව සැමදා දිරිමත් කරන
ගුරු මාපිය වරුනි
ඔබ නමින් පුදන්නෙමි
මේ පුංචි උත්සහය