Wednesday, June 20, 2012

බුදුගුණ සත්‍ය ක්‍රියාව

තෙරුවන් සරණයි !

බුදුගුණ සත්‍ය ක්‍රියාව

මගේ ශාන්ති නායක අමා මෑණි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද, ලොව තුන් කල්හිම පවත්නාවූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් හා මා සුරකිනු ලබන්නාවූ ශිලමය බලයෙන්ද ( පංචශිල ආනුභාව  බලයෙන් ) අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා හට බලපෑවා වූ  සියලු අකුසල කර්මයන් මේ මොහොතේ  පටන් අක්‍රිය වේවා ! අහෝසි වේවා ! නැති වේවා ! එසේ  නැති වීමෙන් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කලාවූ සියලු කුසල කර්මයන් මේ මොහොතේ පටන් ඉස් මතු වේවා ! ක්‍රියාත්මක වේවා ! මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නාවූ බුද්ධ ශක්තිය මගේ ශෛලයක් ශෛලයක් පාසාම ගමන් කොට මාගේ ඇස්, ඉස්, මස්, ලේ,ඇට, ඇට මිදුළු ආදී වූ සකල සර්වාන්ගයේ ලේ ධාතුව  පිරිසිදු වේවා !සුවපත් වේවා ! මෙසේ සුවපත් වීමෙන් මෙතෙක්  මා හට උරුම නොවූ පුර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබේවා ! ලැබෙනවා සත්‍යයි  ඒකාන්තයි ! මේ සතයක් ක්‍රියාව ක්‍රියාත්මක වී මා සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! මා සුවපත් වනවා සත්‍යයි ! සත්‍යයි ! සත්‍යයි !ඒකාන්ත වශයෙන්ම සත්‍යයි ! එසේ මා සුවපත් වන්නේ යම් සේද සියලු සත්වයෝද  ඒකාන්ත වශයෙන් සුවපත් වේවා ! සුවපත් වේවා ! ශාන්තියක්ම වේවා !

(මෙය දින පතා කියවන්න )