නින්ද
එදා සොදුරු සිත්තමක්ව
හද බැදගත් මා දිනු ගම
දිගු කලකට පසුව ඇවිත්
සෙවුවද දකින්නට නොමැතිව
අහස පොළව
ගැටලමි මම
නිහඩ සොහින්බිම් ගස් වැල්
අතු ඉනිමක ගොළුවුන මල්
හොරැහින් මා දිහා බලා
හිනා නොවී අහක බලයි
හද බැදගත් මා දිනු ගම
දිගු කලකට පසුව ඇවිත්
සෙවුවද දකින්නට නොමැතිව
අහස පොළව
ගැටලමි මම
නිහඩ සොහින්බිම් ගස් වැල්
අතු ඉනිමක ගොළුවුන මල්
හොරැහින් මා දිහා බලා
හිනා නොවී අහක බලයි
සුර දොර වෙත පාර සොයන
ආගන්තුක කුරුල්ලන්ගේ
වහසි බසින් ඔද්දල් වුන
තුවාලයක් මෙන් කවිසිත
ආගන්තුක කුරුල්ලන්ගේ
වහසි බසින් ඔද්දල් වුන
තුවාලයක් මෙන් කවිසිත
හිත පතුලෙන් එහා ලොවක
පියාබන්න අත්තටු නැති
මතක හීන මල් පටලය
මම තද නින්දකට යවමි
පියාබන්න අත්තටු නැති
මතක හීන මල් පටලය
මම තද නින්දකට යවමි
No comments:
Post a Comment