Wednesday, April 3, 2013

ඔබ දන්නවද?

ඔබ දන්නවද? පිලික සදහා අවදානම් තත්ත්ව

  • දුම් කොළ සහ දුම් වැටි භාවිතය

හ්ර්දයාබාද ශ්වසන රෝග අංශභාගය හා පිලික ඇති කරයි.

ඔබ දුම් පානය නොකරයි  නම් එම පුරුද්ද දිගටම පවත්වා ගන්න. ඔබව අක්‍රියව දුම් පානයට  භාජනය වීමෙන් වලක්වා ගන්න.
ඔබ දුම් පානය කරන පුද්ගලයෙක් නම් එයින් වහාම මිදෙන්න.එය ඔබේ සෞඛ්‍ය දියුණු කර ගැනීමට ඔබට කල හැකි හොදම ක්‍රමයයි. ඒ සදහා ඔබට සහයෝගය අවශ්‍ය නම් සෞඛ්‍ය සේවකයෙකු හමු වන්න.

  • බුලත් විට කෑම

ඔබ බුලත් විට කන්නේ නැත්නම් ඔබේ ඒ චර්යාව දිගටම පාත්ව ගන්න. බුලත් විටෙන් වැලකි සිටින්න.
ඔබ බුලත් විට පුවක් පැකට් කන පුත්ගලයෙක් නම් වහාම ඒ පුරුත්දෙන් මිදෙන්න.

  • මත වතුර පානය

ඔබ දැනටමත් මත වතුර පානය නොකරන්නේ නම් එම පුරුට්ද දිගටම පවත්වා ගන්න.
ඔබ මත වතුර බහවිත  නම්  ඉන් මිදෙන්න.

  • සෞඛ්‍යට අහිතකර අහර පුරුදු

අහිතකර අහර පුරුදු මුඛ, අමාශ මහාන්ත්‍ර සහ පියයුරු පිලික ඇතුළු පිලික රැසකට හේතු වෙයි.
සෞඛ්‍යදායි සමබර අහාර වේලක් ගැනීමෙන් පිලික ඇතුළු බ නොවන රෝග පිළිබද අවදානම අඩු කරයි.

Thursday, November 22, 2012

කොටස් වෙළදපොළ

කොටස් වෙළදපොළ යනු කුමක්ද?

 එක් මුදල් ආයෝජනයකි කොටස් වෙලදපොල.

කොටස් මිලදි ගන්නේ මෙහෙමයි

කොටස් මිලදි ගැනිමට ඔබට එතරම් ලොකු මුදලක් අවශ්‍ය නැත.ඔබ අවු:18ට වැඩි නම් ඔබටත් දායක විය හැක.ප්‍රධාන වශයෙන් ප්‍රාථමික කොටස් වෙලදපොල හා ද්විතික කොටස් වෙලදපොල පවති.
Shaaa...jpg

කොටසක් යනු

සමාගමක අයිතිවාසිකම හැදින්වෙන කුඩාම ඒකකය කොටසයි.කොටසක නාමික අගය රු:10

කොටස් වර්ග

  • සාමාන්‍ය කොටස්
  • ඡන්ද රහිත ‍කොටස්
  • වරණිය කොටස්

සාමාන්‍ය කොටස්

වැඩියෙකන්ම නිකුතු කරන කොටස් වර්ගය සාමාන්‍ය කොටස් වේ.නාමික අගය රු:10කි.සමාගමක ප්‍රධාන අයිතිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ මෙම කොටස් හිමියන්ය.

ඡන්ද රහිත ‍කොටස්

මෙම කොටස් හිමියන්ට ඡන්දය ප්‍රකාශ කල නොහැක.නමුත් සාමාන්‍ය කොටස් හිමියන් සතු අනෙක් සියලුම වරප්‍රසාද හිමිවේ . මෙම කොටසක වෙළදපල මිල සාමාන්‍ය කොටසක වෙළදපල මිලට වඩා 30% -40% පමණ අඩුය.

වරණිය කොටස්

කලින් නියම කරගත් පොලි ප්‍රතිශතයකට යටත්ව මෙම කොටස් නිකුත් කරයි.සාමාන්‍යය කොටස් වලට වඩා මෙම කොටස් වල අවධානම වැඩිය.වරණිය කොටස් කොළඹ කොටස් වෙළද‍පොලේ ගණුදෙණු කිරිම සදහා ඉඩ සලසා ඇත්තේ සමාගම් කිපයකට පමණි.



කිරිමලෙයි පුජා භූමී

කිරිමලෙයි පුජා භූමී

යාපනයේ කිරිමලෙයි ප්‍රදේශයේ අධි ආරක්ෂක කලාපයේ ඇති කෝවිල් සදහා බැතිමතුන්ට යාමට අවසර ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය නිසා තමන්ගේ දෙනික පුද පුජ කටයුතු සිදුකර ගැනීමට බාධා මතුවී ඇති බවයි.  

"කෝවිල තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා තාම ඒක මිනිසුන්ට දීලා නෑ. ඒ නිසා අපිට එකට යන්න බැ. කෝවිල පාළුවට ගිහිල්ලා."

"ශිවන් කෝවිල විතරයි වදින්න දීලා තියෙන්නේ. මාරි ආච්චි කොවිලටයි, ක්‍රිෂ්ණා කොවිලටයි යන්න බැ. මාරි ආච්චි කෝවිල දැන් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. එකට දැන් විදේශිකයන්ගෙන් උදවූ  ලැබෙනවා."

"යුද්දෙට පස්සේ කෝවිල විනාශ වෙලා. ඒවා වල තිබ්බ පහන් ප්‍රතිමා හොරු අරන් ගිහින් දැන් නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ජනතාවගේ මුදල් වලින් තමි ප්‍රතිසංස්කරණය කරන්නේ. ඉස්සර මාසෙන් මාසෙට විශේෂ පුජාවල් පැවැත්වුවා. එත් යුද්දෙන් පස්සේ ඒ පුජාවල් කරන්න විදියක් නෑ."

"පුජා වලට දැන් කට්ටිය එන්නේ නෑ. පාරවල් තාම ඇරලා නැති නිසා. කෝවිල් තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා ආමි ඒක ජනතාවට එන්න දෙන්නේ නෑ."

"එහා පැත්තේ විෂ්ණු කෝවිල ඇතුළු කෝවිල් තුන හතරක් තියනවා. ඒවා කොහොම තියනවද කියල අපි දන්නේ නෑ. ඒවා තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා යන්න බැ."  

මේ ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මහතාගෙන් විමසීමක් කළා . ඔහු ප්‍රකාශ කලේ යාපනය අධි ආරක්‍ෂිත කලාප සම්බන්ධ ගැටළු විසදමින් පවතින බවයි.
-- ¨දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප දහාටෙන් දහයක් මුදාගෙන ඉවරයි. ඉතිරි ආදී ආරක්‍ෂිත කලාපත් ඉදිරියේදී ජනතා අයිතියට පවරනවා.¨
කෙසේ වෙතත් නුදුරේදීම මෙම ගැටලුව විසදෙනු ඇති බවට යාපනයේ වැසියන් අපේක්ෂා කරයි.


වාර්තාකරණයේදී මාධ්‍යවේදියෙකුට වාරණයක් අවශ්‍යද ?

වාර්තාකරණයේදී මාධ්‍යවේදියෙකුට වාරණයක් අවශ්‍යද ?

මාධ්‍යවේදියෙකුට අසු පිරු තැන් විස්තර කිරීමටත් ඒ පිළිබද ඉදිරිපත් කිරීමට හා එය වාර්තා කිරීමටත් පුර්ණ අවසරය ඇත. ඒ මධවෙදියා යනු ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයෙකු  නිසයි. ජනතාව ඕනෑම පුවතක් ලබා ගන්නේ මාධ්‍ය හරහාය. එම නිසා ඒ සම්බන්ධව මධවෙදියාට ඇති වගකීම සුළු පටු නොවේ.
                 නමුත් මධවෙදියෙකුට තම අදහස ඉදිරිපත් කිරීමට සීමාවක් ඇත. ඔහු හෝ ඇය එසේ ඉදිරිපත්  කරන අදහස මාධ්‍ය සදාචාරයට යටත් වන අයුරින් ඉදිරිපත්  කල  යුතුය.  මාධ්‍යක් හරහා ඉදිරිපත් කල නොහැකි කරුණු ඉදිරිපත් නොකිරීම මෙහි සරල අර්ථයයි.
                                                                                    බොහෝ විට යුද වාර්තාකරණය, අධිකරණ වාර්තාකරණය, පාර්ලිමේන්තු වාර්තා, දුෂණ වංචා පිළිබද කරුණු දැන්වීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය. මක් නිසාද යත් උක්ත මාතෘකා සමාජය තුල බහුල වශයෙන් සාකච්චාවට බදුන් වන නිසා ඒ පිළිබද හරිතොරතුරක් නොදැන ඉදිරිපත් කිරීමට සහ එවැනි තොරතුරු මාධ්‍ය තුල ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට අපසසු මට්ටමකට තිබීමට පුළුවන් වීම ඊට හේතුවයි.
මාධ්‍යවේදියා යනු ජනතා සේවය වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයෙකු වුවද මෙවැනි කරුණු සදහා ඔහුට වාරණ පවරා ඇත. මෙය එක්  අතකට අසාධාරණ වුවත් මාධ්‍ය සදාචාරය අනුව මෙය ගැලපෙන බවක් දක්නට ලැබේ. මෙයින් ගම්‍ය වන්නේ තොරතුරු හෙළිදරවු කිරිම්ර්දී මාධ්‍ය වාරණයක් තිබීම අසාදාරන වුවද මාධ්‍ය සදාචාරය අතින් ගත්  කල මෙම වාරණයට  නතුව වාර්තා කිරීමට මධ්ටවේදියා  බැදී සිටින බවයි.

Tuesday, October 30, 2012

මානසික සෞඛය

 මානසික සෞඛය


මිනිසුන් වන අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතරට මානසික සෞඛය බෙහෙවින් වැදගත් වේ. මනස යනු සැම විටකදීම නිදහසේ සැහැල්ලුවෙන් පවත්වාගෙන යා යුතු අංගයකි. මනස නිරවුල්ව තිබේ නම් අපට ඕනෑම කර්තව්‍යක් සාර්ථකව කර ගැනීමට හැකි වේ.එම නිසා මනස නිරවුල්ව තබා ගැනීමට අප කරන රැකියාවවත්, ආගමවත්, ජාතියවත්, වර්ණයවත්, අදාල නොවේ.   සැම අයෙකුම නිරවුල් මනසකින් සිටීම වැදගත්ය. මානසික සෞඛය යනු මානසික රෝගයන් නොමැති වීමෙන් ඔබ්බට ගිය දෙයකි. තවද මානසික සෞඛය පුද්ගලයාටද, පවුලටද,  ප්‍රජාවටද අත්‍යවශ්‍ය වුවකි. මානසික සෞඛය රදා පවතින්නේ සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක මතය. එසේම මානසික සෞඛය යනු පුද්ගලයෙකුගේ චර්යා හා සම්බන්ධ වුවකි.
                                                                                මාධවේදියෙකු හැටියටද මානසික සෞඛය නිරවුල්ව තබා ගැනීමද වැදගත්ය. මානසික ඒකාග්‍රතාව මාධවේදීන්ට අනිවාර්යයෙන් තිබිය යුතුය. මාධ්යවේදියා යනු සෑම විටම ස්වාධින පුද්ගලයෙකි.  ඔහුට පක්ෂයක්, ජාතියක්, ආගමක් නැත. ඔහු සැමටම එකම ආකාරයකට සැලකිය යුතුය. මාධ්‍යවේදියාට කොතැනකදී හෝ තම පුද්ගලික මතය ඉදිරිපත් කල නොහැක. ඔහු සම විටම තමන්ගේ පුද්ගලික මතය කෙසේ වුවත් එයට ඉදිරිපත් වී ඇති මතය ඉදිරිපත් කල යුතුය.
                    මාධ්‍යකරණයේදී මානසික  සෞඛය බෙහෙවින් බලපානු ඇත. යහපත් මාධ්‍ය භාවිතයක පරමාර්ථය වන්නේ මානුෂිය වටිනාකම් ආරක්ෂා කරන්නාවූ ජන සමාජයකි. එසේ මානුෂිය වටිනාකම් ආරක්ෂා කර ගැනීම සදහා නිවැරදි මාධ්‍ය භාවිතයක් තිබීම අනිවාර්ය අංගයකි. සියදිවි නසා ගැනීම් පිළිබද සිදු කෙරෙන මාධ්‍ය ආවරණ නිවැරදි, ඵලදායි හා සදාචාරාත්මක අන්දමකට සිදු කිරීම තුලින් ජනතාවගේ දිවි ගලවා  ගැනීමට හැකි බව අප කවුරුත් දන්නා කරුණකි. මානසික රෝගී තත්වයකින් පීඩා විදින පුද්ගලයෙකුට එම රෝගී තත්වයෙන් මුදවා ගැනීම සදහා මාධ්‍යවේදියාට ඉතා විශාල කාර්යයක් ඉටු කිරීමට පුළුවන. කොන් කිරීමට පත් වී සිටින, අසාධාරණයට පත් වී සිටින ඔවුන් වෙනුවෙන් කතා කිරීමටය මාධවෙදියට පුළුවන.
                          තම අදහස ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට මධවෙදිය මානසිකව අදවටෙනු සුලබය. එමගින් ඔහුගේ මානසික සෞඛය පිරිහීමට ලක් වේ. එය බොහෝ සෙයින් ඔහුට තම වුත්තිය කරගෙන යාමට භාදාවකි. සුළු ජාතින්, අබාදිත පුද්ගලයන්, හෝ ලිංගිකත්වය පිළිබද වාර්තා කිරීමේදී ස්වයං වාරණයක්  අනුගමනය කරන්නාක් මෙන් මානසික සෞඛය සම්භන්ද විෂයන් වාර්තා කිරීමේදී කටයුතු කරන්නේ නම් ඉන් සමාජයට පුළුල් අත් වැලක් සැපයේ.

 
    

Monday, October 1, 2012

කාටූන්

කාටූන් කලාවේ ඉතිහාසය
කාටූන් කලාව ද අපට ලැබුණේ බටහිරිනි. එහෙත් කාටූන් කලාවට ආවේණික මූල බීජයක් ද අප සතුව තිබූ බවට සාක්ෂි දැක්විය හැකිය.
 
අපේ ඉපැරැණි වෙස් මුහුණු කලාවේ ද අතිශයෝක්තියට නැඟුණු caricatureමූලික ලක්ෂණ පිළිබිඹු වෙයි. සිරුරට නොගැලපෙන තරමටවිශාලකරණයවූ මේ මුහුණුවල එක්තරා විප්‍රරූපණයක්දැකිය හැකිය. බටහිරින් අපට ලැබුණු කාටූන්කරණයේ හාස්‍යයත් ප්‍රභූන් හෝ බලවතුන් සරදමට ලක් කිරීමත් කෝලම් කලාවේ ද ප්‍රමුඛ ලක්ෂණයකි. කෝලම් කුට්ටමේ එන රජ, රජබිසව, ඇමති, විදානෙ, හේවාරාල, මුදලි, නොංචි, පොලිස් ආදී කෝලම් මුහුණුවල ඇත්තේ කාටුන් කලාවේ ජචපඪජචබභපඥමූලික ලක්ෂණම ය.
 
caricatureයන්න ඉතාලි වචනයකින් භින්න වූවකි.caricatureයන ක්‍රියා පදයෙන් අරුත් ගැන්වෙන්නේ to load, to surcharge with exaggerated detailයනුවෙනි.caraයන ස්පාඤ්ඤ වචනයෙන් face – face appearanceමුහුණ මුහුණේ පෙනුම යන අරුත දැක්වේ. අපේ රංග භූමිය අභිචාරාර්ථය ඉක්මවා, විනෝදාර්ථය පිණිස මුල්වරට භාවිතා වන්නේ දකුණේ වෙරළබඩ බිහි වූ කෝලම් කුට්ටමෙන් බව පෙනී යයි. කුඩා ශරීරවලට විශාල මුහුණු ආදේශ කිරීමත්, සත්ව, සිරුරුවලට මානව රූප බද්ධ කිරීමත් කැරිකැචර්සම්ප්‍රදායයේ ප්‍රමුඛ ලක්ෂණයකි. අපේ කෝලම් වෙස් මුහුණු කළේ ද මීට බොහෝ සෙයින් සමාන කාර්යයකි.
 
චිත්‍ර කලාව ද අපට ආගන්තුක නැත. අනාදිමත් කාලයක සිට අපි චිත්‍ර කලාව සමඟ ගනුදෙනු කළෙමු. බෝසත් සිරිතත් බුදු සිරිතත් අපට කියා දුන්නේ කලාගාරයක් බඳු අපේ විහාර ගෙයයි. අද අපට හුරු වී ඇති කාටුන් කලාව වූ කලී කෝලම් නාටකයේ විකාර විසුළු ස්වරූපයේත් අපට හුරු පුරුදු චිත්‍ර කලාවේත් මිශ්‍රණයක් බව මගේ විශ්වාසයයි.
 
කාටුන් කලාවේ ඉතිහාසය සෙවීමේදී හාස්‍යෝත්පාදක ලක්ෂණ සහිත, අසභ්‍ය යැයි කිව හැකි මට්ටමේ චිත්‍ර පන්තියක් පොම්පෙයිනුවරින් හමුවී ඇති බව චිත්‍ර කලා ඉතිහාසය සඳහන් කරයි. එහෙත් ලෝකයේ විධිමත් ප්‍රථම කාටූන් චිත්‍රය ලෙස පිළිගැනෙන්නේ 1754 මැයි 09 වැනිදා පෙන්සිල්වේනියා ගැසට් (Pennsylvania Gazette) පත්‍රයේ පළවූ එක්වෙමු නැත්නම් මැරෙමු’ (join or die) යනුවෙන් නම් කෙරුණු කාටුන් චිත්‍රයයි. ඉන් පිළිබිඹු වූයේ කැබලි අටකට කැඩුණු සර්පයෙකි. නිව්යෝර්ක්, නිව් ඉන්ග්ලන්ඩ්, නිව් ජර්සි, පෙන්සිල්වේනියා, මේරිලන්ඩ්, වර්ජිනියා, උතුරු කැරොලිනාව සහ දකුණු කැරොලිනාව ඒ කැබලි අට නියෝජනය කරයි. මෙම කාටූනය නිර්මාණය කළ බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් (Benjamin Franklin) මෙයින් ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍යයට එරෙහිව සියල්ලන් එක්විය යුතු බවයි.
 
එතැනින් ඇරඹි කාටූන් කලාව 19 වැනි සියවස අගභාගය වන විට මුළු මහත් යුරෝපය පුරා ව්‍යාප්ත විය. ඉංග්‍රීසි ජාතික විලියම් හෝගාත් (William Hogarth) මේ සෝපහාසී කලාවඛ්චපබධධද ලෙස නම් කිරීමේ ගෞරවයට පාත්‍ර වෙයි. ඒ අතර බෙන්ජමින් රසල් ඇමෙරිකාවේ මැසචුසෙට්සෙන්ටිනල්පත්‍රයට නිර්මාණය කළ ඇමෙරිකානු පෙඩරල් රාජ්‍ය ක්‍රමයපිළිබඳ කාටූනය ද කාටූන් ඉතිහාසයේ පිය සටහනක් සේ සැලකේ. පෙඩරල් ව්‍යවස්ථාව අනුමත කිරීමට පක්ෂ වූ ඇමෙරිකානු ප්‍රාන්ත, රාජ්‍ය තන්ත්‍රය ඉහළට ඔසොවන කුලුනු ලෙස රසල් ඇන්දේය.
 
එසේම ඒ ක්‍රමය තුළ තවත් බෙදී යෑම් ඇති විය හැකි බව පෙන්වීමට රසල් ඊට තවත් කුලුනක් එක්කොට තිබිණි. තෝමස් නාස්ට් (Thomas Nast) සිය ප්‍රබල දේශපාලන කාටූන් හාපර්ස් සක්ලි (Harpers Weekly) පත්‍රයට ඇන්දේය. වංක දේශපාලනඥයකු හා ව්‍යාපාරිකයකු වූ විලියම් මාර්සි ට්වීඩ් නිර්ධය ලෙස ඔහු කාටූන් මඟින් විවේචනය කළේය. වෝල්ට් මැක්ඩොනල්ඩ් සිත්තම් කළ බෙල්ෆසාර්හි රාජකීය මංගල්‍යයකාටූන පෙළ අසහාය ජන ප්‍රසාදයක් දිනා ගත්තේය.
 
Editorial Cartoonයන ප්‍රශස්ත තත්ත්වය කාටූනයට හිමි කර දුන්නේ ඔහුය. ජෝර්ජ් කෘයික්ෂැන්ක් (George Cruilcshank) ජේම්ස් ගිලිරේ (James Gilire) තෝමස් රෝලන්ඩ් සන් (Thomas Rowlank son) හොනර් ඩොමියර් (Honore Daumire ශ්‍රීමත් ඩේවිඩ් ලෝ (Siy David Low) හර්බට් ලෝරන්ස් බ්ලොක් Herbert Lawrance Block) ලොව සුපතළ කාටූන් ශිල්පීන් අතුරින් කිහිපදෙනෙකු පමණි.
 
පුවත්පත් කලාව කර්මාන්තයක් ලෙස ලෝක ව්‍යාප්ත වෙද්දී කාටූන් කලාව ද ලෝක ව්‍යාප්ත විය. දේශපාලන කාටූන් ශිල්පියා සක්‍රීය සමාජ දේශපාලන සංසිද්ධි (events) සහ චරිත (Profiles) පිළිබඳ එසැණ විවරණය කරන්නෙක් (Commentator of the moment) විය. ඔහු එම ප්‍රස්තුත පිළිබඳ හාස්‍යෝත්පාදක චිත්‍රමය විවරණයක යෙදෙන්නේ සිය අපූරු පරිකල්පන ශක්තිය මෙහෙයවමිනි. දේශපාලන විෂයය දෘශ්‍යමාන උපමා - සංකේත හා විෂයමය සාමාන්තරයක් උපයෝගී කරගනිමින් සන්නිවේදනය කිරීමට ඔහුට සිදු විය. දේශපාලන අර්බුද සංයුක්ත කොට - සූක්ෂමීකරණය කොට – ‘කැප්සියුලගතකර දැක්වීමට ඔහුට විචක්ෂණ බුද්ධියක් ද විශ්‍රැත බුද්ධි පාටවයක් ද දැඩි ශික්ෂණයක් ද තිබිය යුතුය. එසේ නොවූ කල්හි කාටූනය හුදු මඩ ගැසීමක්බවට පත්වේ.
 
යටි පෙළ ගැඹුරක් සහිත හාස්‍යය දනවන කාටූන් අඳින ශිල්පියෙකුට එක් විකට රූපයකින් විවරණ පන්සියයක් කළ හැකියැයි ලෝක ප්‍රකට කාටූන් ශිල්පී ඩැනියෙල් ආර්.ෆිට්සු පැට්රික් වරෙක කියා තිබේ. මේ අරමුණු සාක්ෂාත් කරගැනීමට නම්, කාටූන් ශිල්පියා ලිබරල් පුද්ගලයකු විය යුතුය. නිදහස් මතධාරියකු විය යුතුය. ඉහළ තලයේ සාර්ථක කාටූනයක ද්වේෂය වෛරය හෝ ආන්තික අපහාසය පිළිබඳ සලකුණු නොතිබිය යුතුය.
 
අගතියෙන් තොර විය යුතුය. රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලනඥයන් හෝ බලවතුන් විවේචනයට ලක් කළ ද එය මෘදු වන්නේත්, අරුත්බර වන්නේත්, රසබර වන්නේත් එවිටය. කාටූන් ශිල්පියා විනිසුරුවකු සේ මැදහත් වූ කල්හි ඔහු අනිවාර්යයෙන් ම ස්ථානගත වන්නේ සාධාරණය පැත්තේය. යුක්තිය පැත්තේය. ඔහුට දේශපාලනඥයා පැසසිය යුතු තැන පැසසිය හැක්කේත් - හෙළා දැකිය යුතු තැන හෙළා දැකිය හැක්කේත් එවිට ය. පාඨක ජනතාව ඔහුගේ කාටූන් විශ්වසනීයත්වයෙන් පිළිගන්නේ ද එවිට ය.
 
අපේ රටේ ප්‍රථම දේශපාලන කාටූනය අඳින ලද්දේ ජී.එස්.ප්‍රනාන්දු විසින් 1931 දීය. ඩී.ඩබ්ලිව්.වික්‍රමාරච්චි සංස්කරණය කළ ස්වදේශ මිත්‍රයාපත්‍රයටය. ඒ ඩොනමෝර් කොමිෂමේ යෝජනා විවේචනය කරමිනි.
එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන කාටූන් කලාව විධිමත් ලෙස ආරම්භ වන්නේ 1945 දී The Times of Ceylon’. පත්‍රයට ඔබ්රි කොලට් (Aubrey Collette) සම්බන්ධ වීමත් සමඟය. ඔහු සමඟ ටයිම්ස් ආයතනයේ අනෙක් වෘත්තීය කාටූන් ශිල්පියා වන්නේ ද ජී.එස්. ප්‍රනාන්දුය. ඉනික්බිති බොහෝ දක්ෂ දේශපාලන කාටූන් ශිල්පීහු ශ්‍රී ලංකාවේ පුවත්පත් ඔස්සේ කරලියට පැමිණෙති.
 
අමිත අබේසේකර, මාක් ගරයින් (Mark Gerreyn), ඩබ්ලිව්. ආර්. විජේසෝම, මොටාගෙදර වනිගරත්න, ඇස්.සී.ඕපාත, යූනුස්, කැමිලස් පෙරේරා, විනී හෙට්ටිගොඩ, ශාන්ත කේ.හේරත්, කේ.ඩබ්ලිව්.ජනරංජන, දාස හපුවලාන, වසන්ත සිරිවර්ධන, රුවන් තරස්වින්, ඇම්.ඩී.වීරරත්න, ප්‍රීති කන්නන්ගර, ඩෙන්වර් පෙරේරා, දර්ශන කරුණාතිලක ඉන් කිහිපදෙනෙකි.
 
ඔව්හු විවිධ ආරේ විවිධ ශෛලියේ දේශපාලන කාටූන ඔස්සේ පාඨකයා වෙත පැමිණෙති. ඔවුන් ජනතාවගේ පිළිගැනීමට ලක්වී සිටින්නේ, ජනතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. කාටූන් ශිල්පියා, බහු ජනහිත පිණිස සිය පින්සල හසුරුවන ජනතාවගේ පැත්තේ කෙනෙකි. ඔහු සිය කාටූන තුළින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාවගේ හෘද ස්පන්දනයයි. ශිල්පීන්ගේ ජනතාවාදී දෘෂ්ටිය නිසා ඔවුහු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ජනතාවගේ ඇසින්ම දකිති.
 
ඕබ්රි කොලට් ගේ සිටිසන් පෙරේරාමාක් ගරයින්ගේ සිම්පල් සිමියොන්ඩබ්ලිව්.ආර්.විජේසෝම ගේ පුංචි සිඤ්ඤෝඑස්.සී.ඕපාත ගේ සිල්වාකැමිලස් පෙරේරා ගේගජමෑන්දාස හපුවලානගේ සුවාරිස්විනී හෙට්ටිගොඩගේ මාර පුත්‍රඅමිත අබේසේකරගේරාලහාමිරුවන් තරස්වින්ගේ බෙම්පිජනතාව නියෝජනය කිරීමට කාටූන් ශිල්පීන් නිර්මාණය කරගත් නියෝජිතයෝ වෙති.
 
විනෝදය හා උපහාස රසය ලබාදෙමින් පොදුවේ මහජනතාවගේ පැත්ත ගැනීම මගේ කාටූන් චිත්‍රවල අරමුණයි. කාටූන් ශිල්පියා සාධාරණ විය යුතුය. යමෙකුට පහර දීමට යැයි කියා අසාධාරණ ලෙස කටයුතු නොකළ යුතු යැයි ප්‍රවීණ කාටූන් ශිල්පි කැමිලස් පෙරේරා කාටූන් ශිල්පියාගේ අරමුණ විස්තර කරයි.
 
දේශපාලන කාටූන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටූන් නිර්මාණ කිරීමයි. එසේ නොකිරීම රටට කරන අපරාධයකැයි කෘතහස්ත කාටූන් ශිල්පි විජේසෝම පවසයි. එම උදාර අරමුණ පෙරදැරි කරගත් කාටූන් ශිල්පියකු ගසන සෑම පින්සල් පහරක් ම එම වගකීමෙන් බැඳෙනු නිසැකය.
 
වචන දහදහස් ගණනකින් කිව යුතු අදහසක් එක රූපයකින් ඉතා සංක්ෂිප්තවත් ඉතා ප්‍රබලවත් සන්නිවේදනය කළ හැකි වේයනු ප්‍රකට චීන චින්තකයකු වූ ලාඕට්සේගේ කියුමකි. දේශපාලන කාටූන් පිළිබඳ සිතූ කල මෙය කෙතරම් නම් සත්‍ය කියුමක්දැයි හැඟේ. දේශපාලනය පාදක වූ කාටූන් චිත්‍ර කලාවේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂයට ද පෙර දුරාතීතයට දිව යන්නකි.. නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රවාදී හෝ ආඥාදායක හෝ පාලන ක්‍රමයක් සහිත කවර සමාජයක වුව ද දේශපාලන කාටුන් කලාව ශිෂ්ට සම්පන්න ස්වරූපයකින් දේශපාලන, ආර්ථික හා සමාජයීය ගැටලු අරබයා මහජන කෝපය, ඉච්ඡාභංගත්වය සහ කලකිරීම පළකිරීම සඳහා බහුලව භාවිත හා අතිශය බලපෑම් සහිත සන්නිවේදන මෙවලමක් බවට පත්ව තිබේ.
 
ආඥාදායක පාලනයක් සහිත සමාජයක මේ අවියට ඉලක්ක වනුයේ පාලනාධිකාරිය අතැති අයගේ විරුද්ධවාදීන් බව නොකිවමනාය. එබඳු සීමාවන් රහිත ඕනෑම සමාජයක කාටුන් චිත්‍රයට හසු නොවී සිටීමට කවර තරාතිරමක පුද්ගලයකුට වුවද නොපිළිවන. ජනාධිපතිවරු, රජවරු, රාජ්‍ය නිලධාරීහු පමණක් නොව දෙවිවරු පවා දේශපාලන කාටුනයට විෂයය වෙති. දශක ගණනාවක් තිස්සේ මුද්‍රිත ජනමාධ්‍යයට සීමා වී තිබූ මේ චිත්‍ර කලා ප්‍රභේදය සතු නිම්වළලු අන්තර්ජාලයේ ආගමනයත් සමඟ බොහෝ සෙයින් පුළුල් වී තිබේ.
 
සිත්තරා සිය තෙළි තුඩ මෙහෙයවනුයේ හිස් අවකාශයක නොවන බැවින් චිත්‍ර කලාව හැම විටම පාහේ දේශපාලන හෝ සමාජයීය පැතිමානයක් සහිතය. එහෙයින් දේශපාලන කාටුන් යනු කවරේදැයි අර්ථ නිරූපණය කිරීම කළ යුත්තේ ප්‍රවේශමිනි. කාටුනයක් නම් මේ යැයි කිව හැකි අයුරින් එය පැහැදිලි හැඩයක් නොගනී. කාටුනයක් ඇතැම් විට සරල, රේඛා චිත්‍රයක් හෝ රේඛා සමුච්චයක් හෝ විය හැකිය. පොදු රීතියක් ලෙස ගත් කල කාටුනයක් හාස්‍යය හෝ උපහාසය හෝ ජනනය කිරීමට සමත් සරල රේඛා චිත්‍රයකි.
එය ලිඛිත පාඨයක් සහිත හෝ රහිත වීමට පිළිවන. එය කාටුන් ශිල්පියාගේ අභිලාෂය අනුව තීරණය වන්නකි. කාටුනයක ගැබ්ව ඇති පණිවුඩය අවබෝධ කොට ගැනීමට කිසිවකුගේ ගුරුහරුකම් අවශ්‍ය නොවීම මේ කලාවේ සුවිශේෂි ගුණයකි. දේශපාලන කාටුන් උණුසුම් දේශපාලන කරුණු විෂයය කරගන්නා විට හෝ පෞද්ගලික හෝ ආගමික පැතිමානයන් ඇති විට ඉමහත් වාද විවාදයට තුඩු දිය හැක්කේය.
 
දේශපාලන කාටුනයක් යනු උපහාසයෙහි දවටා දේශපාලන හෝ සමාජයීය පණිවිඩයක් සන්නිවේදනය කරන්නාවූ චිත්‍ර සටහනකැයි සරලව නිර්වචනය කිරීමට පිළිවන. දේශපාලන කාටුන වැඩි වශයෙන් පළ කෙරෙනුයේ පුවත්පත් වල හා සඟරාවල කතුවැකි පිටුවල වුවද ඇතැම් විට විකට චිත්‍ර හා කතා පිටුවල නැතහොත් හුදෙකලා චිත්‍ර සටහනක් ලෙස පළ කරනු ලැබේ. ලොව බොහෝ රටවල කාටුන් ශිල්පීහු සිය නිර්මාණ ප්‍රදර්ශනය සඳහා බිත්ති, වීථි පුවරු, ගොඩනැගිලි ආදියද ප්‍රයෝජනයට ගනිති.
 
දේශපාලන කාටුනයක පරමාර්ථය සමාජයේ කවර ස්තරයකට අයත් තැනැත්තෙකුට වුවද වැඩිපුර මොළය නොවෙහෙසා තේරුම් ගැනීමට හැකිවන අයුරින් පැහැදිලි පණිවිඩයක් සන්නිවේදනය කිරීමය. මේ චිත්‍ර කලා සම්ප්‍රදාය ග්‍රාහකයාට පහසුවෙන් අඳුනාගතහැකි රේඛා සටහනක් සහ දෘශ්‍ය රූප බහුව උපයෝගී කොටගනී. නිදසුනක් ලෙස පරිසර දූෂණය නිරූපිත කාටුනයක ශිල්පියා කඳුළු වගුරුවන පෘථිවි ගෝලයක කටු සටහනක් සිතුවම් කිරීමට පිළිවන. එය දකින ග්‍රාහකයා පරිසර දූෂණය කෙතරම් උග්‍ර ද යත් මිහිකත පවා කම්පාවට ලක්ව සිටිතියි වටහාගනී.
 
නූතනයේ භාවිත විකට චිත්‍ර කලාව හඳුන්වාදීමට පුරෝගාමී වූයේ ඇනිබේල් සහ අගෝස්තීනෝ කරාච්චි යන ඉතාලි ජාතික දෙසොහොයුරන් යයි පිළිගනු ලැබේ. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව සරල හා ඍජු ආකාරයකින් හාස්‍යය සහ උපහාසය දැනවීමට විකට චිත්‍රයට ඇති ශක්‍යතාවය දුටු 1697 – 1746 කාලයේ එංගලන්තයේ විසූ විලියම් හෝගාර්ත් සමකාලීන ඉංගී‍්‍රසි සමාජයේ අප්‍රසන්න සහ පිළිකුල් සහගත සිදුවීම් සහ ක්‍රියා විවේචනය කරනු වස් එය උපයෝගී කොට ගත්තේය. ඔහු තම චිත්‍ර කලාව නම් කළේ කාටුන් නමිනි.
පසුව කාටුන් නම් වූ නව චිත්‍ර කලා ප්‍රභේදය ප්‍රංශයට හා සෙසු යුරෝපීය රටවලට හඳුන්වා දෙනු ලැබීය. හොනොරෙ ඩෝමිය නම් වූ ප්‍රංශ කාටුන් ශිල්පියා එකල සිය රට තුළ ඉහ වහා ගොස් තිබූ දූෂණ ක්‍රියාවලට එරෙහිව කාටුනය ප්‍රබල අවියක් කොට ගත්තේය. ඔහු සමාජයේ ඇතිකළ කම්පනය කෙතරම් ප්‍රබල වී ද යත් ලුවි පිලිප් රජු අපහසුතාවයට පත් කළේ යැයි චෝදනා කොට සයමසකට සිරගත කරනු ලැබීය. 18 වන සියවස අග භාගයේ සහ 19 වැනි සියවස පුරා දාර්ශනික හා සමාජයීය මාතෘකා අරබයා යුරෝපයේ හටගත් ප්‍රසිද්ධ වාද විවාද වෙත අඩු අධ්‍යාපනයක් සහිත ජනයා ආකර්ෂණය කර ගැනීමට කාටුන් වලින් ඉමහත් දායකත්වයක් ලැබිණි. 20 වන සියවස උදාවන විට ලෝකයේ රටවල් අතිමහත් බහුතරයක කාටුන් චිත්‍ර කලාව මුල් බැස ගෙන තිබුණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ස්වාධීනත්වය සඳහා කළ අරගලයේ දී ජනතාව පෙලඹවීමේ සහ ප්‍රචාරණ මෙවලමක් ලෙස කාටුන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේය. නිර්නාමිකව පෙනී සිටි ඇතැම් ඇමෙරිකානු කාටුන් ශිල්පිහු සිය නිර්මාණ මඟින් බ්‍රිතාන්‍ය පාලනය සහ එහි ප්‍රතිපත්ති කර්කෂ විවේචනයට ලක් කළහ. බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලීන් පෙන්සිල්වේනියා ගැසට් නම්වූ සිය පුවත්පතෙහි 1754 මැයි 9 වැනිදා එක්වෙන්න නැත්නම් මියැදෙන්නයන පාඨය සමඟ පළ කළ කොටස් 8 කට කැඩී ගිය සර්පයෙකුගේ චිත්‍ර සටහන ඇමෙරිකාවේ ප්‍රථම දේශපාලන කාටුනය ලෙස පිළිගැනේ.
 
සර්පයාගේ කැබලි වී ගිය කොටස් මඟින් ඒ වන විට එරට ස්ථාපනය කර තිබූ බ්‍රිතාන්‍ය ඇමෙරිකානු ජනපද නියෝජනය කෙරිණි. කාටුනයේ ගැබ්ව තිබුණේ පැහැදිලි දේශපාලන පණිවුඩයකි. විශේෂයෙන් ඉන්දියානු තර්ජනයක් පිළිබඳ හටගෙන තිබූ බිය හමුවේ එක්සත් වන්නැයි කාටුනය ජන පදවලින් ඉල්ලීමක් කළේය. සර්පයෙකුගේ කැබලි වී ගිය කොටස් හිරු බැස යාමට පෙර යළි හා කළ විට මළ සර්පයාට පණ එතැයි එකළ මිථ්‍යා විශ්වාසයක් පැවතිණ. ෆ‍්‍රෑන්ක්ලීන්ගේ කාටුනය කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එය මහද්වීපයේ සෑම පුවත්පතකම පාහේ පළ කරනු ලැබීය.
 
නිදහසට පෙර ශ්‍රී ලංකාවෙහි විධිමත් දේශපාලන කාටුන් කලාවක් පැවති බවට සාක්ෂි නැත. 1948 ට පෙර B’ඊඪථඥඵ ධට ඛ්ඥරතධදනම් වූ පුවත්පතෙහි කාටුන් ශිල්පියෙකු සේවය කළ බවට වාර්තා ඇත. කෙසේ වුවද නිදහස ලැබීමෙන් අනතුරුව දේශපාලන කාටුන් කලාව සියලු දිනපතා සහ සතිපතා පුවත් පත් වල වර්ධනය වන ජනපි‍්‍රයත්වයක් සහිත නිත්‍ය අංගයක් බවට සංවර්ධනය වූයේය. කොලට්, ජී.එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, හෙන්රි තෙන්නකෝන්, ඩබ්ලිව්.ආර්. විජේසෝම, ගෙවී ගිය යුගයේ කාටුන් කලාවේ දැවැන්තයෝ වූහ. දේශපාලන කාටුන් කලාව හැම විටම අවදානම් සහිත වෘත්තියක් වූයෙන් ඔවුන්ගේ නිර්මාණ වලින් පහර කෑ බලවත් පුද්ගලයන්ගේ ඇණවීමෙන් ඔවුන්ගේ ඇතමෙක් තර්ජනයට සහ ශාරීරික පහර දීමට පවා භාජනය වූහ.
 
ශ්‍රී ලංකාවේ පුවත්පත් ආශ්‍රිත කාටුන් කලාවට නිර්මාණශීලී බව, අනන්‍යතාව, පණිවුඩයේ විවිධත්වය හා බලපෑම සලකන විට සාඩම්බර වාර්තාවකට හිමිකම් කියයි. එසේ වුව ද දේශපාලන හා වෙනත් සාධක මත කාටුන් ශිල්පියාට අප්‍රිය වූ ප්‍රකට පුද්ගලයන් ද්වේෂ සහගතව නින්දාවට සහ අවමානයට ලක්කිරීමේ අනර්ථදායක ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වී තිබේ.
 
ඇතැම් කාටුන් ශිල්පීන් තමන් අකමැති දේශපාලනඥයන් සුනඛයන් ඌරන් සහ වඳුරන් ලෙස නිරූපණය කිරීමට තරම් සාහසික වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට ලැබුණි. ප්‍රබල හා පහසු ප්‍රකාශන මාධ්‍යයක් ලෙස කාටූන් කලාවේ ජීව ගුණය ආරක්ෂා කරගැනීමට හා සම්මත වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට හා වැඩිදියුණු කිරීමට නම් මේ අහිතකර ප්‍රවණතාවට තිත තැබිය යුතුය. එය කාටුන් ශිල්පියාගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ ය.

උපුටා ගැනීම - නුවන් බ්ලොග් අඩවියෙන්
http://chinthakasjp.blogspot.com/

Friday, September 7, 2012

යාපනය ක්ශේත්‍ර චාරිකාවේ සාරාංශය

යාපනය ක්ශේත්‍ර චාරිකාවේ සාරාංශය මෙසේ දිග හරින්නෙමි.
2012.08.27 වන දින නාරාහේන්පිට ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලයෙන් ගමන් ඇරබි අප කුරුණෑගලින් ප්‍රථමයෙන් බස් රථය නතර කලේ උදැසන තේ පානය සදහායි. එතෙක් ගීත ගයමින්, නටමින්, විහිලු තහලු කරමින්, ගමන් කල අප ඉන් විශාල ආස්වාදයක් ලැබුවෙමු. කොලබ සිට යාපනය දක්වා ගමන් කිරීම ඉතා වෙහෙසකර වුවත් අපට ඒ වෙහෙස නොදැනුනේ සම වයස් සිමා වල ළමුන් බොහෝමයක් මෙම චාරිකාවට එක් වීම නිසායි. ළමුන් පමණක් නොව ගුරු භවතුන්ද, කාර්ය මණ්ඩලයද ඉතා සුහදශිලිව සැහැල්ලුවෙන් අප සමග එක් විය.
පසුව දහවල් ආහාරය සදහා බස් රථය නතර කරන ලද්දේ අනුරාධපුර පුජා නගරයෙනි. දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව සෑම දෙනාම කතිකා කොට ගත් පරිදි මින් පසුව බස් රථය නතර කිරීමට බලාපොරොත්තු වුයේ යාපනයේ අප නැවතීමට සිටින හෝටලයේය. එසේ අප කතිකා කොට ගත්තේ අප ඉක්මණින් රෑ බෝ වීමට ප්‍රථම යා ගත යුතු නිසාය. 
 නමුත් නොසිතු අයුරින් අනුරපුරය පසු කරනවත් සමගම අප ගමන් කල ඒ සුකොපබෝගි බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල වී බස් රථයේ වීදුරුවක් සම්පුර්ණයෙන්ම විනාශ විය.  පසුව අනුරාධපුර පොලිසියේ නිලදාරීන් පිරිසක් පැමිණ එම සිද්ධිය සමනය කිරීමට බොහෝ වෙලාවක් ගත වූ හෙයින් අපට යම් ප්‍රමාද තත්වයක් ඇති විය. එම සිද්ධිය වන විට වෙලාව පස්වරු 5 පමණ වන්නට ඇත. එම සිද්ධියෙන් අනතුරුව නැවත අප ගමන් ආරම්භ කලත් උදැසන එන විට තිබු ඒ ප්‍රීතිය අප ක අතරත් නොතිබුනේ සිදු යු අලාභයට වඩා ඉන් සෑම දෙනා තුලම ඇති වූ බිය නිසා වන්නට ඇත. 
               කෙසේ හෝ රාත්‍රී 10 ට පමණ අප හෝටලයට ලගා වන්නට ඇත.  සියල්ලෝම රාත්‍රී ආහාරය ගෙන ඉක්මණින් නින්දට ගියේ තිබු ගමන් මහන්සිය හේතුවෙනි.
 
පසුදා උදැසනම සියලු දෙනාම අවදි වී ලහි ලහියේ සුදානම් වුයේ අපට යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ දැනුවත් කිරීම් දේශනයක් පැවැත්වෙන නිසයි. 


උදැසන ආහාරයෙන් පසුව අප එහි යාමට පිටත් වුයේ කලින් වෙන් කොට තිබුණු කණ්ඩායම් වලට අදාල වැන් රථ වලයි. එහි ගිය අපව ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිලි ගන්නා ලදී. පසුව ජෙනරාල් සුමිත් අතපත්තු මහතා තම දේශනය සිදු කළේය. දේශනය පුරාවටම අප සියලු දෙනාම අපට අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමටත්, චායාරුප ගත කර ගැනීමටත්, නොදන්නා දේ අසා දැන ගැනීමටත්, අමතක කලේ නැත. මෙම වැඩසටහනින් අනතුරුව එම මුලස්ථානයේ සොල්දාදුවන් අපට ඉතා ප්‍රනීත තේ පැන් සංග්‍රහයක් ලබා දුනි. පසුව සියල්ලෝම තම තමන්ගේ කණ්ඩායම් වලට අනුව තමන්ට නියමිතස් කාර්යයන් කිරීම  ආරම්බ කරන ලදී.














අප 5 වන කණ්ඩායම වූ අතර අපට ලැබී තිබුනේ යාපනයේ පවතින ඉඩම් ප්‍රශ්න පිළිබද සොයා බැලීමටයි. කොලබ සිට වෙන් කර තිබු වෙලාවකට අනුව ප්‍රථමයෙන් ශ්‍රී ශක්තිවෙල් (  NGO Council) මහතා හමු වීමට නැවත අප නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණියේය. අප සියලු දෙනාම ඔහුගෙන් සැහෙන තරම් තොරතුරු ලබා ගතිමු. ඔහු තම දේශනය සම්පුර්ණයෙන්ම දෙමල භාෂාවෙන් සිදු කිරීම නිසා සිංහල සිසුන්ට එය තේරුම් ගැනීම තරමක් අපහසු විය. පසුව ඔහුගෙන් හඩ පටයක්ද ලබා ගෙන අප ඔහුට සමු දුනි.

ඉන් පසු අප පළාත් ඉඩම් සභා කාර්යාලයට ගොස් එහි සභාපති දයානන්දන් මහතා හමු වී තොරතුරු ලබා ගතිමු.



පසු දින  (29) උදැසන ආහාරයෙන් පසුව පෙරවරු 8.30 ට පමණ කිරිමලේ දක්වා ගමන් ආරම්භ කලේ එහි වාසය කරන ජනයාගේ ගැටළු සොයා බැලීමටයි. ප්‍රදීපන් සහ සදිපන් යන මද්යවෙදින් දෙදෙනාද අප සමග මේ ගමනට එක්‌ විය. කිරිමලේට පය  තබනවාත් සමගම අමුතුම බිය මුසු හැගීමක් අපට ඇති විය. ඒ තාමත් ඒ භුමිය පුරාවට වෙඩි උණ්ඩ දක්නට ලැබුණු නිසයි. යුද්දයේ තිබු බියකරු බව අපට ඉන් පසක් විය.


 කිරිමලේට ගිය අප එහි සිටි වැසියන් දෙතුන් දෙනෙකු සමග සාකච්චා කොට ඔවුන්ට තිබෙන ගැටළු සටහන් කොට ගතිමු.


 රුප ගත කොට ගතිමු. එහි සිටි සියලු ජනතාව අහිංසක දුප්පත් අය වුහ. ඔවුන් සුහදශීලි පිරිසකි. අපට සිසිල් පැන් බෝතලයකින් සංග්‍රහ කිරීමට තරම් ඔවුන් කාරුණික වුහ. ඒ ඔවුන්ගේ ස්වභාවයි.


ඉන් පසු අප නගුලේශ්වරම් අම්මාන් කෝවිලට ගියේ එය අධි ආරක්ෂක කලාපයේ පිහිටි එකක් නිසයි. මෙම කෝවිලට පැමිණෙන බැතිමතුන්ට එයට යාමට නොහැක. නමුත් ඊට නුදුරින් කෝවිලක් ඉදි කොට දී ඇත්තේ බැතිමතුන්ගේ සුභ සිද්ධිය සදහායි.

 කෝවිලේ සිටි පුසාරි තුමා අපට මේ සියලුම තොරතුරු ලබා දී  තේ පැන් සංග්‍රහයක් කළේය. පසුව එම කෝවිලේ පිහිටි සුප්‍රසිද්ධ පොකුණ නැරබු අප එහි සිටම අපගේ ඊලග සැලසුම සාකච්චා කොට ගතිමු.



අප කොළබ සිටියදී හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන්ව අපගේ වැඩ කටයුතු සදහා සම්බන්ධ කොට ගත් නිසා ඔහුගේ උදවුවෙන්  අපට කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපයට යාමට අවස්ථාව ලැබුණි. ඒ සදහා අප සමග හමුදා නිලදරියෙකු එක්‌ විය. එම අධි ආරක්ෂක කලාපය තුල තිබෙන මිට කලකට  ඉහතදී පාවිච්චි කල දුම්රිය ස්ථානය සහ දැනට ඉදි වෙමින් පවතින සංචාරක හෝටලය අපට දැක ගැනීමට  හැකි විය. මේ සියලු කටයුතු  හමාර කරන විට වෙලාව පස්වරු 5 ට පමණ ඇත. 

 පසුදා උදැසන ආහාරයෙන් පසු අප යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියේ EPDP         පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේකාරම් මහතා මුණ ගැසීමටයි. ඔහුගෙන්ද යාපනයේ දැනට පවතින ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් තොරතුරු අසා දැන ගතිමු. එම සාකච්චාව සදහා නොසිතු පරිදි කාලය ගත වූ හෙයින් දවසේ ඉදිරි වැඩ කටයුතු වලට අපට එය බහදවක් විය. 

එම සාකච්චාවෙන් අනතුරුව අප මුස්ලිම් ජනතාවගේ දැනට පවතින් ඉඩම් ගැටළු මොනවද යන්න සොයා බැලීම සදහා මාන්කුම්බන් ප්‍රදේශය සදහා ගමන් ආරම්භ කළෙමු. එය යාපනයේ සිට කිලෝමීටර් 20 ක දුරින් පිහිටි මුහුදු බඩ ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජිවන උපාය ධිවර කර්මාන්තය වන අතර ඔවුන් ඉතා දුෂ්කර ජිවිතයක් ගත කරන අයවලුන්ය. යුද්ධය සමයේ පුත්තලම ප්‍රදේශයට ගොස් නැවත එම ප්‍රදේශයට ඔවුන් පැමිණ ඇත. 


ඔවුන්ගෙන්ද හැකිතාක් තොරතුරු එක කර ගත අප ඉන් අනතුරුව ගොවි බිම් කිහිපයක් පරික්ෂා කළෙමු.